වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් රෝගය ලෝකයේ අනෙකුත් රටවල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට මන්කිපොක්ස් ආසාදිතයින් පැමිණීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා කීය. ඔහු මේ බව සඳහන් කළේ මන්කිපොක්ස් සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. මේ අතර රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා විදෙස් රටවල සිට මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව එහිදී පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනන්ද් මහතා කීයේ වඳුරු උණ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා එන්නත්කරණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවකි.