ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සැලසුම්ගත බවට සැක දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා කිසියම් සිද්ධියක් මත පදනම් වී ඇතත් එය සැලසුම් සහගත ලෙස ඔහුට එල්ල කළ චෝදනාවක් බවට සාධාරණ සැකයක් මතු ව ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පාර්ශවය කියයි.එම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල ගොනු කරන ලද තරුණිය මුලින් ඕස්ට්‍රේලියානු ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති අතර ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශ්වය එකඟතාව පළ නොකොට නඩු මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කිරීම මත එය මේ වන විට ඇමෙරිකන් ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තාවෙයි.නමුදු ධනුෂ්ක ගුණතිලකගේ පෙර කල් ක්‍රියා යහපත් නොවන බව පවසමින් දේශීය ජන මාධ්‍යයන් ද අධිකරණ තීන්දුවට පූර්වගාමීව තම මත දැක්වීමට ඉදිරිපත් ව තිබේ.මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.චෝදනාවේ සත්‍යාසත්‍ය භාවය කුමක් හෝඅ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියදී අදාල චෝදනාව එල්ලවීම නිසා ඔහු වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය යම් මැදිහත්වීමක් යුතු බවත් එය කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරන බවත් ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.