මහ ඉලුප්පල්ලම රජයේ ගොවි බිමට බලෙන් ඇතුලු වූ පිරිස අල්ලන්න

ගොවි සංවිධාන නියෝජිත වරුන් පිරිසක් බව පවසමින් අනුරාධපුරය – මහඉලූ‍ප්පල්ලම රජයේ ක්‍ෂේත‍්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලහත්කාරයෙන් ඇතුලූ‍වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.ඊයේ(20) දිනයේදී ගොවි එකමුතුව යැයි කියාගන්නා සංවිධානයක පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයට ඇතුලූ‍ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම පර්යේෂණ ආයතනය ශාක නිරෝධායන නීතිරීති නිවැරදිව ක්‍රියාත්මක කරන ආයතනයක් වන අතර ඊට බලහත්කාරයෙන් ඇතුලූ‍වූ පුද්ගලයින් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරීන් අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කර ඇති බවකි.

කාලීන පුවත්