මිනිසුන් නිසා මෙරට කුරුළු වර්ග 81 ක් විනාශයට

නොමනා මානව ක්‍රියාකාරකම් ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙරට කුරුළු විශේෂ අතුරින් 81 ක් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පවසයි. ඇය කියා සිටිනුයේ 2021 වසරේ රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණ වී ඇති බවකි. දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්ෂී විශේෂ 19ක් හා තර්ජනයට ලක්වූ විශේෂ 48 ක් ඒ අතර වන බව සඳහන් ය.එමෙන්ම තර්ජනයට ලක් වීමේ ප‍්‍රවණතාවය සහිත පක්ෂි විශේෂ 14 ක්, තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් ද හඳුනාගෙන තිබේ.එහිදී කුරුළු විශේෂ 244ක් අධ්‍යයනයට ලක්කර ඇති අතර, වාසභූමිවලට සිදුවන හානි හේතුවෙන් මෙලෙස පක්ෂීන් වඳවී යාමේ තර්ජනයට ලක්වන බව සඳහන් වෙයි.

කාලීන පුවත්