මහින්ද අමරවීර ඇමති කම අත හැරීමේ සූදානමක?

වී ගොවියන් මේ වන විට මුහුණ පාන ගැටලු අර්බුද සමනය කිරීමට තමන් කොතෙක් උත්සාහ කළද එය දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීම හැර වෙන විකල්පයක් තමනට නැතැයි කෘෂිකර්ම වනජිවි හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ජාතික ගොවිජන එකමුතුව සමග පැවති සංවාදයක දී ය.රජයට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මුදල් නැති බවත් ව්‍යාපාරිකයන් විදේශයන්ගෙන් සහල් ආනයනය නිසා වී මිලදී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු එහි දී සඳහන් කර ඇත.මේ අතර අමාත්‍ය වරයා කළ ඉල්ලීමක් අනුව මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.නමුදු අමාත්‍ය වරයාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණීඅ යම් පාර්ශවයක් ඉතා සූක්ෂ ලෙස මහින්ද අමරවීර මහතා ගේ ජනතා සේවය කඩාකප්පල් කරමින් හිඳින බවකි.

කාලීන පුවත්