හැටන් පොලිස් කොට්ඨාශ නිල සුනඛ අංශයේ ස්ටුවඩ් සුනඛයාගේ සහයෝගය ඇතිව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සහ දුෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ දී ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් මත් ද්‍රව්‍ය රැගෙන යන්නේ ද යන්න පරික්ෂාවට ලක් කිරීම අරඹා ඇත.එම මෙහෙයුම් වල දී මේ වන විටත් සැකකරුවන් කිහිප දෙනකු අත් අඩංගුඅවට ගෙන ඇති බවත් ඔවුන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලීසිය කියයි.හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ අධික්ෂණය යටතේ මෙම මෙහෙයුම් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන තෙක් දියත් කෙරෙනු ඇත.