සරසවි වල පාසල් වල අයිස් මත් ද්‍රව්‍ය ගැන සොයන්න යයි

විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල්වල සිසුන් අතරේ අයිස් ඇතුඵ මත් ද්‍රව්‍ය භාවිත වැළැක්වීම සදහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. පසුගිය සඳුදා පැවති ඇමති මණ්ඩල රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් විය. විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ වැළැක්වීමේ කාර්ය සාධක බලකාය සංශෝධනය කර විෂ මත් ද්‍රව්‍ය අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්යසාධක බලකාය ලෙස පිහිටුවීම කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති වරයා අලි සබ්රි හා ටිරාන් අලස් යන ඇමතිවරුන්ට ජනාධිපති වරයා උපදෙස් දී තිබේ. එමෙන්ම ඔහු පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය පැමිණිම පිළිබඳව පුඵල් පරීක්ෂණයක් කරන්නැයි ඔහු ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.පසුගිය දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් උප කුලපති නිල නිවසට කඩා පැන තමන්ට සහ තම පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී පොදු දේපල වලට හානි කිරීම සිසුන් කෙරෙන් වෙනදා නොදුටු අස්වාභාවික ක්‍රියාවක් බව පැවසූ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ කියා සිටියේ එදින දහවල් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ (වල ) පැවැති සිසු හමුවක දී සිසුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට ඇතැයි තමන් සැක කරන බවකි.

කාලීන පුවත්