කොත්තුව රු:10 කින් පහළට

අද(18) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු සහ කෙටි ආහාර වර්ගවල මිළ රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.ඔහු ප්‍රකාශ කරනුයේ තිරිඟු පිටි මිල අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි.පසුගිය කාලය තුළ වෙළඳපොළේ පාන් පිටි කිලෝ එකක් රුපියල් 450කට පමණ අලෙවි වූ අතර මේ වනවිට පාන් පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු වීමේ සහනය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන අතර සෑම ආපන ශාලාවකම අනිවාර්යයෙන් ආහාර පාන මිල දර්ශනය පාරිභෝගිකයන් හමුවේ ප්‍රදර්ශනය කරන ලෙස ද අසේල සම්පත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්