බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ කොහොමද?-අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බ්‍රිතාන්‍ය පුරවැසි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් එම පැමිණිල්ල අල්ලස් කොමිසමට අද (20) භාරදී ඇත.ඕෂල හේරත් මහතා කියා සිටින්නේ, ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.එබැවින් ඇයට ශ්‍රී ලාංකේය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි.එම නිසා මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර ඕෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.

කාලීන පුවත්