ප්‍රවීණ සිනමා කරු ඇන්ටන් ග්‍රෙගරි සමු ගනියි

සිංහල සිනමා වංශ කතාවේ විශේෂිත නමක් සනිටුහන් කිරීමට සමත් වූ ප්‍රවීණ සිනමා කරු ඇන්ටන් ග්‍රෙගරි මහතා අභාවප්‍රාප්ත විය.සංඛපාලි , කිරි සුවඳ , යළි පිපුණ මලක් , පාරමිතා , සූර සරදියෙල් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඒ මහතා.අල්ලපු ගෙදර චිතපටයේ තිර පිටපත පරිවර්තනය කරමින් හා එහි සහය අධ්‍යක්ෂවරයා වෙමින් සිනමාවට සම්බන්ධ වූ අතර ඔහු සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ චිත්‍රපට ප්‍රමාණය 46 කි. ඒ අතර, සූර චෞරයා , ඔබ දුටුදා , ආත්ම පූජා , සූරයන්ගෙත් සූරයා , ඔහොම හොඳද ,දැන් මතකද , සුළි සුළං , හාරලක්ෂය , හතර දෙනාම සූරයෝ , එදත් සූරයා අදත් සූරයා , ආවා සොයා ආදරේ , සූරයා සූරයාමයි , ඔන්න මාමේ කෙල්ල පැනපි , ලස්සන කෙල්ල , යකඩයා , අමල් බිසෝ , හිත මිතුරා ,හිතුවොත් හිතුවාමයි යන චිත්‍රපටද විය ,දෙවියනි ඔබ කොහිද හා හිතවතිය චිත්‍රපට යුගලයේ සම අධ්‍යක්ෂවරයා වූ ඔහු , නීලා හා මිස් මල්ලිකා චිත්‍රපටවල කාර්මික අධ්‍යක්ෂවරයා ද විය. මිය යන විට ඔහු 78 වන වියේ පසුවිය.

කාලීන පුවත්