මෑත ඉතිහාසයේ විශිෂ්ටතම සහ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ජනප්‍රිය බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ බ්‍රහස්පතින්දා(29) අභාවප්‍රාප්ත විය. මිය යන විට 82 හැවිරිදිව සිටි පේලේ ගේ ළමා අවදිය දරිද්‍රතාවයෙන් පීඩිත එකක් වූ බව ලොව පුරා පැතිර තිබිණ.පේලේ අවසන් වරට ප්‍රතිකාර ලබමින් සිටි සාඕ පවුලෝගේ ඇල්බට් අයින්ස්ටයින් රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේ මහා බඩවැලේ පිළිකාවක් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බහුවිධ ඉන්ද්රිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බවකි.