යූ ටියුබ්, ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවකදී මේ බව අවධාරණය කළ ජනාධිපති වරයා පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ‍්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බව ද කීය.