ඇද වැටුණු “යකඩ යකා”ගොඩ ගන්න විශ්‍රාමික සේවක සහාය පතයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා පුරප්පාඩු රැසක් තිබිය දී 2021 අංක 21 දරණ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත අනුව පසුගිය 31 වන දා විශ්‍රාම ගිය අත්‍යාවශ්‍ය සේවකයන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා(09) රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග දුම්රිය බලධාරින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ඒ මේ වන විටත් බිඳ වැටී ඇති දුම්රිය සේවය කඩිනමින් යථාවත් කරන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙසකට අනුවය. එසේ නැවත සේවයේ පිහිටුවන විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම පිළිබඳ අවධානය මෙහි දී යොමු කෙරෙන අතර පසුගිය කාලයේ දුම්රිය සේවයට නැවත බඳවා ගැනුණු විශ්‍රාමිකයන් කිහිප දෙනකුට මාස කිහිපයක් සේවය කොට වැටුප් රහිතවම ඉවත් වීමට සිදු ව තිබේ

කාලීන පුවත්