ඡන්ද රාජකාරියට පොලිසිය යෙදවීම ගැටලුවක් – පොලිස්පති

මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ.

මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවනු ඇති බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

දැනටමත් සමාජ මාධ්‍යයේ” ඡන්දය ඉල්ලාගෙන නිවෙස් වෙත පැමිණෙන අය ගැන බලාගන්නම්” යැයි ප්‍රකාශ හුවමාරු වන බැවින් යම් හෙයකින් අපේක්ෂකයෙකුට පහර දුනහොත් එවැනි පිරිස් වෙත ආරක්ෂාව සැපයීමට සිදුවන බැවින් ගැටළුවක් මතුව ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

එම නිසා මැතිවරණ රාජකාරි ආරම්භවීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේ පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස ද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

 

කාලීන පුවත්