ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය බීබීසී රූපවාහිනිය පසුගිය 12 වනදා බීබීසී රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චීනය තවදුරටත් ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධ කටයුතු ප්රමාද නොකළ යුතු බවට කළ ප්රකාශයට මෙරට චීන තානාපති කාර්යාලය ටිවිටර් පණිවිඩයක් මඟින් ප්රතිචාර දක්වා තිබේ.ඉන් අවධාරණය කර ඇත්තේ චීනයට චෝදනා කිරීමට පෙර තානාපතිනිය තම රට වන ඇමරිකාවේ ප්රතිපත්ති පිළිබඳ විමසා බැලිය යුතු බවකි.චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ඇමරිකානු තානාපතිනිය ශ්රී ලංකාවේ ණය සාකච්ඡාවලට චීනය කල් මරණ බවට හා ණය ප්රතිව්යූහගත කිරීමේ ප්රමාදය ශ්රී ලංකාවට අයහපත් කරුණක් බවට අදාළ සාකච්ඡාවේදී චෝදනා කළ බවයි.