“විශ්ව ශක්තියෙන්” ලක්ෂ දහයක රන් බඩු කොල්ලයක්!

විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීමේ බලයක් තමන් සතුව ඇති බවක් කියමින් හෝකන්දර නිවසකට ගොස් පුරා පැය හයකට ආසන්න කාලයක් එම නිවසේ විදුලිය විසන්ධි කර එම නිවසින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරකු පන්නිපිටිය ඇරැව්වල දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු තම මිතුරකු මාර්ගයෙන් මෙම යකැදුරා හඳුනාගෙන තිබේ. ඉන් පසු ඔහු රෝගීව සිටින තම ව්‍යාපාරික පියාව සුවපත් කිරීමේ අරමුණින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ මෙම යකැදුරා පවත්වාගෙන යන දේවාලය වෙත එම මිතුරා හා මව සමග මීට මාස කීපයකට පෙර ගොස් ඇත..
එහිදී යකැදුරා එම විශ්ව ශක්ති ශාන්තිකර්මය සඳහා රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉල්ලා ඇති අතර ව්‍යාපාරිකයා ඒ මොහොතේම යකැදුරාට රුපියල් 58,000 ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබේ..
එහි දී ගිවිස ගත් අන්දමට ශාන්තිකර්මය කිරීම සඳහා සැකකාර යකැදුරා කාලි මෑණියන් ආරූඩ වන බව කියන ඔහුගේ නැගණිය ,ඇතුළු මව හා පියා ද සමග හෝකන්දර ව්‍යාපාරික නිවසට ගොස් මෙම වංචාව සිදු කර ඇත. යකැදුරා පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කරන ලෙස දන්වා ඇත්තේ විදුලි බලය තිබිය දී විශ්ව ශක්තිය නිවසට නො එන බවක් පවසමිනි.

කාලීන පුවත්