දුෂිත රාජපක්ෂලා 10% තෙක් අඩු කළ යුතුයි

දුෂිත රාජපක්ෂලා 10% තෙක් අඩු කළ යුතුයි ස්වශක්තියෙන් වැඩ කරන පළාත් පාලන ආයතන ඉදිරියට ගොඩ නැගීම උදෙසා මෙවර මැතිවරණය මගින් දුෂිත රාජපක්ෂ වරුන් 10% දක්වා අඩු කිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු බවත් මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් රටේ සංවර්ධනය ගමේ සංවර්ධනය විනාශ කළ දුෂිත රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින ව්‍යාපාර ජාලය පලවා හැරීම ඉතා බලගතු දේශපාලන පාඩමක් වශයෙන් අරමුණු කරගත යුතු බවත් 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ මහතා මේ බව පවසා සිටියේ 43 සේනාංකය මගින් මෙවර මැතිවරණය සඳහා සන්ධාන ගතවී තරඟ කිරීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පවත්වන ලද මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමිනි.

කාලීන පුවත්