පාස්කු ප‍්‍රහාරයේ වන්දි වලට කෝටි 10 හොයන්න හිටපු ජනපති ජනතා පිහිට පතයි

පාස්කු ප‍්‍රහාරයේ වන්දි වලට කෝටි 10 ගෙවන්න හිටපු ජනපති ජනතා පිහිට පතයි පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බැවින් මෙලෙස ජනතාවගෙන් මුදල් එකතු කිරීමට තීරණය කළ බවකි.මේ අතර මෙතරම් සුවිසල් මුදලක් ගෙවීමට වත්කමක් තමන්ට නොමැති බැවින් එම මුදල් සෙවීමට සිදු වනුයේ පිටකොටුවේ බෝධිය අද්දර කැට සෙලවීමෙන් බව හිටපු ජනපති වරයා පසුගිය දා පවසා තිබිණ.ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ රංගන ශිල්පියකු හා සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු වන සුදත්ත තිලකසිරි මහතා පසුගිය දිනයෙක ඒ ආකාරයෙන් පිටකොටුවේ මුදල් එකතු කිරීමක යෙදී එක් දිනයක් තුළ එකතු කර ගත හැකි වූ රුපියල් එක් දහස් අටසිය දහයක(රු:1810) මුදල පසුගිය දා මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී.

කාලීන පුවත්