ශ්‍රී ලාංකේය ජනතාව අතර කවදත් රාජපක්ෂ වරුන්ට විශේෂිත ස්ථානයක් හිමිවන බැවින් ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ(පොහොට්ටුව) අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එහි ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට බලපෑම් කරන බවට විරුද්ධ පක්ෂ අසත්‍ය චෝදනා එල්ල කරන චෝදනා අසත්‍ය බවකි.පක්ෂයක් ලෙස මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එය තීරණය කරන්නේ ජනතාව මිස විපක්ෂය නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.