විදුලි ගාස්තු පිළිබඳ උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්

අතීතයට බලපාන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නො කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සියලු ම සාමාජිකයන් ඒකමතික ව තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකන්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (31) පැවති රැස්වීමක දී ය.

මේ අතර විදුලි පාරිභෝගිකයන්ට සූර්යබල බැටරි සහිත දෙමුහුන් පද්ධති මධ්‍යම ජාලයට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවකාශ ලැබී ඇත.

 

කාලීන පුවත්