දේශගුණ සරසවිය ඇතුළු කතා බහ කිහිපයකට බෑන් කී මූන් හෙට මෙරටට

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විශ්ව විද්‍යාලය ඇතුළු දේශගුණය හා සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා සහ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වු බෑන් කී මුන් මහතා හෙට(06) දිවයිනට පැමිණෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවෙයි. සියොල් හි පිහිටි ගෝලීය හරිත වර්ධන ආයතනයේ වත්මන් සභාපතිවරයා වන බෑන් කී මුන් මහතා මෙරට රැදි සිටින කාලය තුළ තිරසර සංවර්ධනය සහ දේශගුණික විපාර්යාසවලට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි. ඔහු ලබන අගහරුවාදා ජනාධිපතිතුමා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සුදානමින් සිටී.

කාලීන පුවත්