මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම නොමැති වීමෙන් පක්ෂයට කිසිදු හානියක් වී නැති බවත් ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බවත් එසේ ඉවත් වූ කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් එහි ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි..රාජපක්ෂ වරුන් කෙරෙහි විශ්වාසය පළ කරන ජනතාවකගෙන් සැදුම් ලත්ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වැඩපිළිවෙල ද සකස් කර අවසන් බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ මැතිවරණයේ ඡන්ද ගණන් කරන විට ජනතා බලය ඇත්තේ කාහටද?යන්න සැමටම දැකගත හැකිවනු ඇති බවයි.