13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් අද(08) කෝට්ටේදී විරෝධතා පා ගමනක නිරත වූහ.විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණීමෙන් පසු පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුවිය.විරෝධතා පා ගමන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ දී සංඝ සම්මේලනයක් ද පැවත්විණි.