ගල්ඔය වනාන්තරය ආසන්නයේ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර දෙයි

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඇතුළු වන සතුන් බහුලව ගැවසෙන ගල්ඔය වනාන්තරය ආසන්නයේ අධිශබ්ද සහිත සංගීත සන්දර්ශන පැවැත්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගමකට අවසර දීම පිළිබඳව පරිසරවේදීහු දැඩි විරෝධය පළ කර සිටිති.

හබරණ – ත්‍රිකුණාමල පාරේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්ඔය වනාන්තරයේ මෙසේ අධිශබ්ද සහිත සංගීත සංදර්ශන මේ මස 17දා සිට 20 වන දා දක්වා පැවැත්වීමට සීගිරියේ පිහිටි පෞද්ගලික සමාගමකින් අවසර ඉල්ලා ඇති අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දී තිබේ.

මේ සන්දර්ශන හේතුවෙන් වන සතුන් මෙන් ම සන්දර්ශන නැරැඹීමට එන සංචාරකයන් ද පීඩාවට මෙන් ම අවදානමකට ද පත්වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

කාලීන පුවත්