දැනට පවත්නා ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.මේ අතර රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නිර්වින්දන ඖෂධ සංචිත පවා නිමා වෙමින් පවතින අතර ඉදිරියේ දී ජීවිතාරක්ෂක හදිසි සැත්කම් පවා සිදුකිරීමට නොහැකි තත්වයක් උද්ගත හැකි වනු ඇතැයි නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ආයතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනෝමා පෙරේරා මහත්මිය ද අනතුරු හඟවා ඇත.