රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා රාජපක්‍ෂලා සතුව ලොව කොතැනක හෝ රහස් ගිණුම් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නැති බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.රාජපක්ෂලා උගන්ඩාවට ගුවන් යානයක් පුරවා ඩොලර් ගෙනගොස් සගවා ඇතැයි එල්ල කරන චෝදනාව අමූලික බොරුවක් බවත් රාජපක්ෂලා හොරකම් කළ මුදල් තමන් බලයට ආපසු ලබා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය පැවසුවත් ඔවුන් බලය හෙබවූ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ද එවන් කිසිදු තොරතුරක් සොයා නොගත් බවද හෙතෙම කියා සිටියි.මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්