රියැදුරු හිඟයෙන් දුම්රිය ධාවනයට බාධා

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ දුම්රිය රියදුරන් 20 කට අධික සංඛ්‍යාවක් අදාල අන පනත් මත විශ්‍රාම ගැන්වීම මත ඇති වූ දුම්රිය රියදුරන්ගේ හිඟය මඟ හරවා ගැනීම පිණිස විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇතත් මේ දක්වා සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොමැති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.දුම්රිය ධාවනයට උචිත කායික මානසික සෞඛ්‍යයෙන් යුතු විශාමික රියැදුරන් ඇතත් ඔවුන් යළි බඳවා නොගැනීම නිසා ඇති වූ රියැදුරු හිඟය හේතුවෙන් දුර ගමන් සේවා දුම්රිය ඇතුළු දුම්රිය රැසක් හිටි හැටියේ අවලංගු කිරීමට සිදුව ඇති බවත් දුම්රිය ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්