ඡන්දය කල් දාන්න තේරීම් භාර නිලධාරීන්ට පුළුවන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළ ද එම ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මතු වන ප්‍රායෝගික තත්වයන් සළකා බලා දිස්ත්‍රික් මට්ටමින් එය පැවැත්වීමේ හෝ නොපැවැත්වීමේ අවසන් තීරක බලය මැතිවරණ කොමිෂන් සභාවේ ද අනුමැතිය මත ඒ ඒ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට හිමි වන බව මැතිවරණ ලේකම් ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දය සඳහා අවශ්‍ය සියළුම මුල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම මත වුව ද ට මැතිවරණය කල් දැමීමේ නීත්‍යානුකූල හිමිකම ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සතු වන බව ද පැවසෙයි.

කාලීන පුවත්