ඊයේත් භූ කම්පන දෙකක්;ඒත් බිය විය යුතු නෑ

ශ්‍රී ලංකාව කෙරෙහි භූමි කම්පා අවදානමක් එල්ල විය හැකි බවට සමාජය තුළ සැකයක් ජනිත වන අතරේ කිරින්ද, පලාටුපාන සහ ගෝමරන්කඩවල, තිඹිරිවැව ප්‍රදේශවලින් සුළු භූ කම්පන 02ක් වාර්තා වී තිබේ.කිරින්ද, පලාටුපාන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය ඊයේ (18) සවස වාර්තා වී ඇති බවත් ගෝමරන්කඩවල ප්‍රදේශයේ භූ කම්පනය අද (19) උදෑසන වාර්තා වී ඇති බවත්භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ එම්.එම් ජේ.පී අජිත් ප්‍රේම මහතා සඳහන් කරයි.ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

කාලීන පුවත්