ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේ දී ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඒ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ප්‍රකාශයක් කරමිනි.“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ අනුව මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා. ඒ වගේම අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම, අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා කියන එක.”යනුවෙන් ඇමති වරයා කීය.