ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැංවීම පිණිස සඳහා අඛණ්ඩව සහාය දක්වන බව ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා තිබේ. ඒ ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (21) පස්වරුවේ පැවැති සාකච්ඡාවක දීය.ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර දීම, දිවිපාර්ශවික වෙළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම ආදී ක්‍රියාමර්ග පිළිබඳව මෙහි දී අවධානය යොමුව ඇති බව සඳහන්ය.එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඉන්දීය රුපියල් මඟින් සිදුකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.