පොලිස්පතිට මාස 03ක සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳව තීරණයට එළඹ ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ ජනාධිපතිවරයා සිදුකළ සාකච්ඡාවකදී බවයි වාර්තා වුණේ.

එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැත්විය. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායකද සහභාගී වී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරය සඳහා පසුකාලීනව පත් කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

 

කාලීන පුවත්