අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 12 යි දශම 09 කින් පහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු යටතේ පැවති රුපියල් 35 ක අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩුකර ඇත.මෙම ගාස්තු සංශෝධනය ශ්‍රී ලංගම සේම පෞද්ගලික සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග බස් රථවල ද ක්‍රියාත්මක වන අතර මගීන් ගේ දැන ගැනීම පිණිස නව ගාස්තු සටහන් සියළුම බස් රථ වල ප්‍රදර්ශනය කරවීමට ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කොට තිබේ.