බේකරි හිමියන්ට රුපියල් 30 ගණනේ ඉන්දීය බිත්තර

රාජ්‍ය වානිජ(විවිධ )නීතිගත සංස්ථාව මඟින් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයේ පළමු බිත්තර දශ ලක්ෂය එකක් රුපියල් 30 ගණනේ බේකරි හිමියන් අතරේ බෙදා දී තිබේ.සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනුයේ මෙම සහනය මත එළඹෙන සිංහල අළුත් අවුරුදු සමයේ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන තරමක් සහනදායක මිලට පාරිභෝගිකයන් වෙතට පත් කිරීමට හැකි වනු ඇති බවකි.

කාලීන පුවත්