නුවරඑළිය වසන්ත සැණකෙලියට සැරසෙයි

ගත වූ වසර වලට වඩා මෙවර නුවරඑළිය වසන්ත සැණකෙලිය සදහා පැමිණෙන විදේශ සංචාරකයන්ගේ වැඩිවීමක් මෙවර දක්නට ලැබෙන අතර ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් සුදානම් කර ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා සඳහන් කරයි. පසුගිය කොවිඩ් අර්බුදය හේතුවෙන් එම කාලයේදී සංචාරක පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු මුත් දැනටමත් හෝටල් කාමර විශාල සංඛ්‍යාවක් දෙස් විදෙස් සංචාරකයන් වෙන් කර ගෙන තිබේ. සංචාරකයින්ට පහසුකම් සැළසීම සදහා නුවරඑළිය මහ නගර සභාව රාජ්‍ය හා පුද්ගලික ආයතන එක්ව අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර සංචාරකයන් ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩ සටහන් ද සංවිධානය කොට තිබේ.

කාලීන පුවත්