බස් ගාස්තු අඩු නොකරන කොන්දොස්තර වරුන් සොයා වැටලීම්

ඇතැම් පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරුන් පහත දැමු බස් ගාස්තු බස් රථ තුළ ප‍්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් පෙර පැවති ගාස්තු අය කරන බවට ලැබී ඇති මහජන පැමිණිලි මත එවැනි බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ මාර්ගවල අද(03) සිට ක‍්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ප‍්‍රසන්න සංජීව මහතා කියයි. ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ පසුගිය 31 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය වූ අතර නව බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කොට ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පවසයි.

කාලීන පුවත්