ජනපති රට ගොඩ දාන බව නොපිළිගන්න අපි අන්ධයෝ කඨෝර මාක්ස්වාදින් නෙවෙයි

ජනාධිපති වරයා රටට අභිවෘද්ධිදායක මෙහෙවරක් කරන බව නොපිළිගැනීමට නම් අප ද්‍රශ්‍යාබාධිතයන් හෝ කඨෝර මාක්ස්වාදීන් විය යුතු බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියයි.ඒ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.එහි දී මන්ත්‍රී වරයා මෙසේ කීය. “ජනාධිපති වරයා රට ගොඩ දානවා කියන එක අපි පිළිගන්න ඕන නේ.නැත්තං අපි අන්ධයෝ නේ.මුලු ලංකාවෙම අපිට හම්බවෙන ඔක්කොම මිනිස්සු කියන එක නැතුව අපි විතරක් වෙනම පක්ෂයක කියලා විවේචනය කරනවා නම් ඒ වගේ කරන්න පුළුවන් මාක්ස්වාදී කඨෝර අයට.දැන් පෝලිම් තියෙනවද? ඉන්ධන මිල ටිකෙන් ටික අඩු වෙනවා.ගෑස් පෝලිම් නෑ.ඊයේ පෙරේදා ගෑස් රුපියල් දාහකින් අඩු වුණා.පොහොට්ටුව ඇතිකරපු තත්ත්වයෙන් රනිල් වික්‍රමසිංහ කියන නායකයා රට මුදාගෙන තිබෙනවා”.

කාලීන පුවත්