මේ උණුසුම් කාලගුණය ඔබේ සුරතලාට මාරාන්තික විය හැකියි

මේ දිනවල පවත්නා දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් අප සමාජයේ ඇතැම් කොටස් තාප ආඝාත( Heat stroke ) තත්වයට මුහුණ දීමේ පැහැදිලි අවදානමකට මුහුණ දී සිටිති.ඒ අතරේ එම අවදානම බලු,බළල් ආදී ගෘහස්ථ සතුන් කෙරෙහි ද පීඩාකාරී මෙන්ම ඇතැම් විට මාරාන්තික බලපෑම් පවා ඇති කරවන සුළු බව ඔබ දන්නවාද?විශේෂයෙන් බලු,බළල් ආදී සතුන් අතුරින් කුඩා පැටවුන්,රෝගී සහ වියපත් සහ සේම ලොම් බහුල සුනඛ විශේෂ ද මෙම තත්ව්යට මුහුණ දීමේ වැඩි අවදානමකින් යුතු බව කිව යුතු ය. එබැවින්, මෙම උණුසුම් සමයේ දී ඔබේ සුරතල් සතුන් සිසිල්ව තබා ගැනීම අතිශය වැදගත් වන අතර, අපි ඔබේ සුරතල් සතුන් තුළ තාප ආඝාත සංඥා,වැළැක්වීම සහ ප්‍රතිකාර පිළිබඳව විස්තර කරමු.
සුරතල් සතුන් කෙරෙහි බලපෑ හැකි තාප ආඝාතය යනු කුමක්ද?උණුසුම් පරිසරයකට අධික ආර්ද්‍රතාවයකට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබේ සුරතලාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය පරාසයට වඩා අංශක  105 දක්වා ඉහළ යන විට තාප ආඝාතය හෝ තාප විඩාව වර්ධනය වේ. මිනිසුන් හා සසඳන විට සුරතල් සතුන්ට දහඩිය ග්‍රන්ථි පිහිටා ඇත්තේ ස්වල්පයකි.විශේෂයෙන් සුනඛයන් උනුසුම් කාල වලදී දිව පිටතට දමා හති හැලීමෙන් තාපය පිට කර ගනිමින් සිසිල් වෙති.එහෙත්, ඒ යම් සීමාවක් යටතේ ය.එමෙන්ම එම ක්‍රියාව තුළින් සතුන් යම් වෙහෙසකට ද පත්වන අතර සාමාන්‍යයෙන් බළලුන්ට වඩා සුනඛයෝ තාප ආඝාතයට ගොදුරු වෙති. ලොම් බහුල සහ අභිජනනය කළ ඇතැම් සුනඛ විශේෂ තාප ආඝාතය සඳහා වැඩි අවදානමක් ඇත, මන්ද ඔවුන්ගේ කෙටි මුඛ සහ නාසික කුහරය සිසිලනය කිරීමේ දී කාර්යක්ෂමතාව අඩු බැවිනි. අධික බර සුරතල් සතුන්, හෘද හා පෙනහළු ගැටළු ඇති සුරතල් සතුන් ද තාප ආඝාත කෙරෙහි වැඩි අවදානමක් පළ කරති. කෙසේ වෙතත්, ඕනෑම විශේෂයක්, අභිජනනය හෝ වයස නොතකා උණුසුම් උෂ්ණත්වයට නිරාවරණය වන විට බලපෑමට ලක් විය හැක.ඒ ටතර තාප ආඝාතය සඳහා හේතු වන පොදු හේතූන් කිහිපයක් ද ඔබගේ අවධානයට යොමු විය යුතුය. විශේෂයෙන් උනුසුම් පරිසරයන් හි හරිහැටි වාතාශ්‍රය නොලැබෙන කුඩා ප්‍රමාණයේ සුනඛ කූඩු තාපය උරා ගන්නා තහඩු සහිත ටකරම් මඩු ආදියේ සතුන් බැඳ තැමීම මීට ඉවහල් වන ප්‍රධාන හේතුවකි.එහි දී සතා මුලින් කෑ ගසා තම පීඩාව ප්‍රකාශ කරන මුත් ඒ කෑ ගැසීම තුළින් ද ඔවුන් තව දුරටත් දුර්වල වන බව විශේෂයෙන් කිව යුතු ය. ඇතැම් විට ඔබ දකින විට සතා අසාධ්‍ය තත්වයට පත් ව සිටීමට ද පුළුවන.
නිසි වාතාශ්‍රයක් හෝ නොමැතිව උණුසුම් කාලගුණය තුළ සුරතල් සතෙකු ගෘහස්ථව තැබීම,ව උණුසුම් කාලගුණය තුළ සුරතල් සෙල්ලම් කිරීම හෝ ව්‍යායාම කිරීම,සෙවණ, ජලය හෝ සිසිල් ස්ථානයකට ප්‍රවේශයක් නොමැතිව උණුසුම් කාලගුණය තුළ සුරතල් සතෙකු එළිමහනේ තැබීම සුරතල් සතුන් තුළ තාප ආඝාත සංඥා ඇති කරවන ප්‍රධාන හේතූන් අතර වෙයි.අධික උෂ්ණත්වය ඔවුන්ගේ ජෛවමය පද්ධතියට බාධා කළ හැකි බැවින් තාප ආඝාතය ඇති සුරතල් සතුන් මොළයේ ඉදිමීම, ඉන්ද්‍රිය ක්‍රියා විරහිත වීම සහ ලේ ගැලීමේ ගැටළු ඇතිවීමේ අවදානමක් ඇත. :මෙම තත්වයට පත් වන සත්වයා තුළ ස්වසන අපහසුව,අධික ලෙස සෙලවීම,දීප්තිමත් රතු විදුරුමස්,වමනය,රුධිර පාචනය,මාංශ පේශි වෙව්ලීම සේම මරණය පවා සිදු විය හැක.
සුරතල් සතුන් තුළ තාප ආඝාතය හඳුනා ගැනීම සහ මූලික ප්‍රතිකාර කිරීමෙන් එම අවාසනාවන්ත තත්වයන් පිටු දැකීමට ඔබට හැකි වනු ඇත.

ඔබේ සුරතලා වහාම නිවස වැනි සිසිල් පරිසරයකට වහාම ගෙන යන්න, ඔවුන්ට ජලය ලබා දෙන්න. ඔබේ සුරතලා සිසිල් ජලය සහිත ස්ථානයක තබන්න.තරමක් ලොකු ජල බඳුනක් ආශ්‍රිතව ක්‍රියා කරවන ලද විදුලි පංකාවක් යට සතා තැබීම ද ඉතා හොඳ ය.හැකිනම් සුරතලා වායු සමීකරණයක් වෙත ගෙන යන්න.නමුත් කිසිම අවස්ථාවක සතා ගේ සිරුරේ අයිස් තබන්න හෝ සතා අධික සීතල වතුරේ තබන්න එපා.

ඔබේ සුරතලාගේ තාප ආඝාත රෝග ලක්ෂණ මිනිත්තු 10 කින් පහව නොයන්නේ නම් හෝ ඔවුන් ගේ හිස කඩා වැටුණහොත්, හිරිවැටීම් ඇති වුවහොත් හෝ සිහිසුන් වුවහොත් වහාම ප්‍රතිකාර සඳහා පශු වෛද්‍යවරයා වෙත ගෙන යන්න. ඔබේ සුරතලා අධික උෂ්ණත්වයකට නිරාවරණය වී ඇති බව හෝ අධික ලෙස ව්‍යායාම කරමින් සිටි බව ඔබේ පශු වෛද්‍යවරයාට දැනුම් දීමට අමතක නොකරන්න. ඔබේ සුරතලාගේ ඉතිහාසය, රොග ලක්ෂණ අනුව ගුද මාර්ගයේ උෂ්ණත්වය අංශක 102.5 ට වඩා වැඩි වීම තාප ආඝාත රෝග විනිශ්චය තහවුරු කරයි.එහි දී එම තත්වය පහ කිරීම පිණිස වන ප්‍රතිකාර මාලාවක් කෙරෙහි වෛද්‍ය වරයා යොමු වනු ඇත.පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

එතෙර - මෙතෙර