ජාත්‍යන්තර ලැයිස්තුවකින් ශ්‍රී ලංකාව ඉවතට

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවුණි.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි.

 

කාලීන පුවත්