ෆවුසිට එරෙහිව සජබයෙන් විනය ක්‍රියාමාර්ග

පසුගිය 28 වන දා විවාදයට ගැනුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගිවිසුම සම්බන්ධ යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා එමයෝජනාවලියට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බැවින් ඔහුට එරෙහි විනය ක්‍රියා මාර්ග ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ය,

කාලීන පුවත්