ලිංගික අධ්‍යාපනය ගැන ගුරුවරුන් දැනුවත් කෙරේ

අප රටේ අධ්‍යාපන පද්ධතියට ලිංගික අධ්‍යාපනය එක් කිරීමට අදාළව ඒ සම්බන්ධයෙන් ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර ඇති නිර්දේශය ද සමඟ මෙම ක්‍රියාවලිය ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.සිසුන්ගේ ඒ ඒ වයස් සීමාවන්ට ගැලපෙන අන්දමින් ලිංගික අධ්‍යාපනයට අදාල විෂය කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව කලෙක සිට පැන නැඟී තිබූ මුත් එය ක්‍රියාවට නැංවෙන මුල්ම අවස්ථාව මෙය බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්