මේ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් මඟින් අනතුරු අඟවා තිබේ.ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇද හැළෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ දැනුම් දී තිබේ.