ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ පහළ යෑමක් යළි වාර්තා වෙයි. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් 1.7% පහළ ගොස් තිබේ.
එහි මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 70.4ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 74යි ශත 14ක් ලෙස සටහන් වෙයි. එය 1.8%ක පහළ යෑමක්.