මා ජනපතිවරණයට එන්නේ මන්ත්‍රී කමකින් ඇමති කමකින් මේ ක්‍රමය වෙනස් කරන්න බැරි නිසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හෝ ඇමති වරයකු ලෙස පවත්නා ක්‍රමය වෙනස් කළ නොහැකි බවත් එය කළ හැක්කේ ඊට ඉහළ තනතුරකට බවත් තමන් ඉදිරියේ ජනාධිපති තරඟයක් සඳහා ඉදිරිපත් වනුයේ ඒ නිසා බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය සාකච්ජාවක දී පවසා ඇත.ඔහු එම අදහස පළ කොට ඇත්තේ මෙලෙසිනි. “මන්ත්‍රීවරයෙක් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ල හරි, ඇමැති කෙනෙක් වෙලා හරි මේ ක්‍රමය වෙනස්කරන්න බැහැ. ඒක නිසා ඊට උඩින් තියෙන තනතුරකට මම පත්වෙන්න ඕන. ජනතාව හිතනවා නම් මම දේශපාලනයට පැමිණිය යුතුයි. කියලා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්. කොහොමද එන්නේ, කවදද එන්නේ කියන එක ඉදිරියේදී තීරණය කරන්න පුළුවන්”

කාලීන පුවත්