කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය වැඩ අරඹයි

කන්කසන්තුරය වරායේ රුපියල් මිලියන 450ක වියදමින් ඉදිකර ඇති නව මගී පර්යන්තය අද (16)සිට මුහුදු මාර්ගයෙන් එන සංචාරකයන් සඳහා සේවා සැපයුම අරඹා තිබේ.රුපියල් මිලියන 450ක වියදමින් මෙම නව මගී පර්යන්තයේ වැඩ නිමවා තිබේ. ඉන්දියාවේ සිට පැමිණි එම්.වී එම්ප්‍රරස් නම් සුඛෝපභෝගී නෞකාවෙන් මගින් 800දෙනෙකු පැමිණ තිබූ අතර මෙම නව මගී පර්යන්තය තුළ මගීන් 200දෙනෙකු සඳහා එකවර පහසුකම් සැපයීමේ හැකියාව පවතින බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

කාලීන පුවත්