ඉදිරි වසර පහ තුළ ඉංග‍්‍රීසි රාජ්‍ය භාෂාවක් කරනවා

ඉදිරි වසර පහක කාලය තුළ ඉංග‍්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීම වෙනුවෙන් අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී මට කටයුතු යොදන බව ද ජනාධිපති වරයා සඳහන් කරයි. මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉංග‍්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා අධ්‍යයනය සදහාද මෙරට තුළ පවතින අවස්ථා පුළුල් කිරීමට පියවර ගන්නා බවකි.ඊයේ( 16)අරලියගහ මන්දිරයේ දී පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව සදහන් කළේ ය.

කාලීන පුවත්