කොරියානු රැකියා වලට යන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකන් වෙනුවට කොරියන් ගුවන් යානා

කොරියානු රැකියා වලට යන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකන් වෙනුවට කොරියන් ගුවන් යානා කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය දිගින් දිගටම ප්‍රමාදවීම නිසා නියමිත කාල වේලාවට ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් කොරියාව හා ලංකාව අතර කොරියානු ගුවන් සේවය විසින් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කොරියානු රජය සමග සාකච්ඡා කර තිබෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21)පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව තවත් මාස දෙකක් වැනි කාලයක් තුළදී කොරියානු රැකියා සඳහා යන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් ශ්‍රමිකයින් කොරියානු ගුවන් සේවය මඟින් සෘජුවම කොරියාවට යැවිමට කටයුතු සැලසෙනු ඇත.

කාලීන පුවත්