අඩු කළ මිලට පාන් බනිස් නෑ

බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ පවසති.

මිල අඩුකර නැති මෙම බේකරිවල සහ පාන් අලෙවිසල්වල මෙන්ම පාන් අලෙවි කරන ජංගම රථවලද පාන් ගෙඩියක් රුපියල් 150ක් 160 වශයෙන් ද බනිස් හා කිඹුලා බනිස් රුපියල් 60 සහ 70 වශයෙන් කලින් පැවති මිලටම අලෙවි කරන බව ඔවුහු කියති.

මීට අමතරව වැඩි මිලට පිටි මිලදී ගැනීමට සිදුවීම පාන් බනිස් මිල අඩු නොකිරීමට හේතුවක් බව බේකරි හිමියන් කියා සිටිති.

කාලීන පුවත්