ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (ජුනි 23) නිල වශයෙන් වැඩ භාර ගත්තේය.පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් විවාදයට ගෙන සම්මත වීමෙන් පසු එම ධූරයෙන් ඉවත් කරන ලද මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රතනායක වෙනුවට ඔහු පත් කර තිබේ.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායක මහතාට එරෙහි පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර ඇත.රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විදුලි බිල සංශෝධන, විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්වයකින් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කරන ලදී.