ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ ත්‍රීරෝද රථ පිටුපසින් ඉනිමඟක් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. ඉදිරිපස තනි ලාම්පුව වෙනුවට ලාම්පු දෙකක් සවි කිරීම සඳහා රුපියල් 2500 ක් අය කිරිමට නියමිතය. ප්‍රධාන පහන් වෙනුවට ළ්Eඪ් පහන් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. කොටස් තුනකින් සමන්විත වු ඉදිරි වීදුරුව තනි එකක් සේ සවි කිරීමට රුපියල් 2500 ක් අය කෙරේ. යාන්ත්‍රික තිරිංග පද්ධති ඉවත් කර නිසි පරිදි ද්‍රාව පීඩන තිරිංග පද්ධති සවි කිරිම සඳහා රුපියල් 1000ක් අය කිරිමට නියමිත අතර ත්‍රිරෝද රථය මැද ඇති ආරක්ෂිත වැට ලෝහවලින් හෝ සුදු යකඩවලින් සැකසීමට අය කරන ගාස්තුව රුපියල් 2500 කි.